අගමැතිගේ ඉතාලි සංචාරයට යෝෂිතත් ගිහින්

0
371

G 20 අන්තර් ආගමික සමුළුව සඳහා ඉතාලිය බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ධූත පිරිසට අග්‍රාමාත්‍යවරයාගේ දෙටුපුත් යෝෂිත රාජපක්ෂ මහතාද සහභාගී වී තිබෙනවා.

යෝෂීත රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩලයේ ප‍්‍රධානියාද වනවා.

කෙසේ වෙතත් මෙරටින් පිටත්ව ගිය ධූත පිරිස පිළිබදව පළකළ නිවේදනයේ යෝෂිත රාජපක්ෂ මහතා මෙම සංචාරයට සහභාගී වන බව සඳහන්ව තිබුණේ නැහැ.

මෙම සංචාරය සඳහා විදේශ අමාත්‍ය ජී.ඇල්. පීරිස්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ, විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here