Monday, January 13, 2025

අගමැතිවරයාගේ තිරුපති සංචාරය ගැන අල්ලස් කොමිසම විමර්ශනයක් අරඹයි!

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය වසරේ ඉන්දියාවේ තිරුපති කෝවිල වන්දනාව සඳහා ගිය සංචාරය පිළිබඳව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසන් සභාව විසින් විමර්ශනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

අගමැතිවරයාගේ මෙම සංචාරය අල්ලස් පනත උල්ලංඝණය කරන බවට මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර විසින් 2021 දෙසැම්බර් 31 වැනි දා අල්ලස් කොමිසමට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.

ඒ අනුව කොමිෂන් සභාවේ ලේකම්වරිය පෙබරවාරි 2 වැනි දින ලිපියක් යොමුකරමින් පැමිණිලිකරුට දන්වා ඇත්තේ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට කොමිසම තීරණය කර ඇති බවයි.

අග්‍රාමාත්‍යවරයා අල්ලස් පනතට පටහැනිව පෞද්ගලික ජෙට් යානය තෑග්ගක් ලෙස ලබාගෙන අල්ලසක් ලබා ගත්තේද යන්න සොයා බැලීම සඳහා මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව වාර්තා වේ.

2021 දෙසැම්බර් 23 වන දින, මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ උදවිය පෞද්ගලික ජෙට් යානයකින් දෙදින පෞද්ගලික සංචාරයක් සඳහා ඉන්දියාවේ තිරුපති බලා පිටත්වුණා.

ඒ නුමුදු අගමැති මෙලෙස තිරුපති වන්දනාව සඳහා ගමන් ගත් ජෙට් යානය අගමැතිවරයාගේ මිතුරෙකු විසින් නොමිලේ ලබාදුන්නක් බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි යෝෂිත රාජපක්ෂ මහතා පවසා තිබිණ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles