අගමැති අද ජී-20 අන්තර් ආගමික හා සංස්කෘතික සමුළු‍ව අමතයි

0
340

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද ජී-20 අන්තර් ආගමික හා සංස්කෘතික සමුළු‍වේ  සමාරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතයි.

අද ඉතාලියේ බොලොඤ්ඤා හි පැවැත්වෙන මෙම සමුළුවට සහභාගි විම සඳහා අග්‍රාමාත්‍යවරයා ඇතුළු දුත පිරිස පෙරේදා දිවයිනෙන් පිටත්ව ගියා.

මෙවර එම සමුළුවේ තේමාව සංස්කෘතින් අතර සාමය, ආගම් අතර අවබෝධය යන්නයි.

දින තුනක් පුරා පැවැත්වෙන ජී-20 අන්තර් ආගමික හා සංස්කෘතික සමුළුවට සමගාමිව අග්‍රාමාත්‍යවරයා රාජ්‍ය තාන්ත්‍රික හමුවිම් කිහිපයකට ද එක් විමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළා. ඉතාලියේ අග්‍රාමාත්‍ය මරියේ ඩ්‍රැගී, යුරෝපා පාර්ලිමේන්තුවේ සභාපති ඩේවිඩ් සසෝලි සහ ස්ලෝවෙනියා ජනාධිපති බොරුට් පාහෝර් , අග්‍රාමාත්‍යවරයා එසේ හමුවිමට නියමිත රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් කිහිපදෙනෙකු වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here