අගමැති ඉම්රාන් සහ පකිස්තාන හමුදාව අතර විශ්වාසයේ ඉරිතැලීමක්.

0
376

පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් සහ එරට යුද හමුදාව අතර පවතින විශ්වාසයේ ඉරිතැලීමක් සිදුව ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.

ද ඊශ්‍රායල් ටයම්ස්හි විශ්ලේෂණ වාර්තාවක දැක්වෙන්නේ, පකිස්තාන බුද්ධි සේවාව වන අයිඑස්අයි හි ප්‍රධානියා පත්කිරීමෙිදී මෙම තත්වය මතුව ඇති බවයි.

දින ගණනාවක් පුරා පැවති වාදවිවාදවලින් අනතුරුව ලුතිනන් ජනරාල් නදීම් අහමඩ් අන්ජුම් පකිස්තාන බුද්ධි ප්‍රධානියා ලෙස පත්කරනු ලැබිණ.

කෙසේවෙතත්, මෙම පත්කිරීම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව නොසතුටට පත්ව ඇති බවත් එය අගමැති ඉම්රාන් ඛාන් සහ හමුදාව අතර විශ්වාසයට ගැටලු මතුකර ඇති බවත් අදාළ මාධ්‍ය වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here