අගමැති එකවූ කාල්ටන් පෙර පාසලේ නත්තල්‍ ප්‍රසංගය

0
268

අගමැති නුවරඑළිය කාල්ටන් පෙර පාසලේ නත්තල් කැරොල් ගී ප්‍රසංගය නරඹයි
නුවරඑළිය කාල්ටන් පෙර පාසලේ පැවති නත්තල් කැරොල් ගී ප්‍රසංගය නැරඹීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පස්වරුවේ එක්ව සිටියේය.

ප්‍රසංගයට එක්වූ කාල්ටන් පෙර පාසලේ දූ දරුවෝ කැරොල් ගීත සුමිහිරිව ගායනා කරමින් නත්තල් සිරිය කැන්ඳුහ.

නත්තල් කැරොල් ගී ගායනා කළ කාල්ටන් පෙර පාසලේ දූ දරුවන් සමඟ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද නත්තල් මිහිර බෙදා ගත්තේය.

කාල්ටන් පෙර පාසලේ විදුහල්පති හා අධ්‍යක්ෂිකා අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය මෙම ප්‍රසංගය අවසානයේ දූ දරුවන්ට ත්‍යාග ප්‍රදානය කළාය.මෙම අවස්ථාවට නුවරඑළිය නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න, හිටපු නගරාධිපති මහින්ද දොඩම්පේගමගේ මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

නත්තල් කැරොල් ගී ගායනා කළ කාල්ටන් පෙර පාසලේ දූ දරුවන් සමඟ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද නත්තල් මිහිර බෙදා ගත්තේය.

කාල්ටන් පෙර පාසලේ විදුහල්පති හා අධ්‍යක්ෂිකා අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය මෙම ප්‍රසංගය අවසානයේ දූ දරුවන්ට ත්‍යාග ප්‍රදානය කළාය.

මෙම අවස්ථාවට නුවරඑළිය නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න, හිටපු නගරාධිපති මහින්ද දොඩම්පේගමගේ මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here