Sunday, November 17, 2024

අගමැති ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද පෙරවරු 11 ට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.

ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

වත්මන් දේශපාලන තත්වය පිළිබඳව සහ ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ගැනීමට නියමිතය.

මෙවර පාර්ලිමේන්තු සැසි වාරය ආරම්භයෙන් අනතුරුව පවත්වන පළමු කණ්ඩායම් රැස්වීම මෙය වන බැවින් ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් කරුණු රැසක් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි නිව්ස් රේඩියෝ කල විමසීමකදී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා කියා සිටියේ.

මෙම රැස්වීම සදහා විමල් වීරවංශ / උදය ගම්මන්පිළ / වාසුදේව නානයක්කාර ඇමතිවරුන් ඇතුලු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලු මැති ඇමතිවරුන් සහභාගී වීමට නියමිතයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles