Sunday, September 22, 2024

අගමැති බ්‍රසල්ස් නුවර

ශ්‍රී ලංකාවට අහිමි වූ ජීඑස්පී ප්ලස් තීරු බදු සහනය නැවත ලබා ගැනීම සඳහා වූ මූලික සාකච්ඡා වට කිහිපයකට සහභාගි වීමට ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස අද(16) දින පස්වරුවේ බ්‍රසල්ස් ජාත්‍යන්තර ගුවන් තොටුපළින් බ්‍රසල්ස් නගරයට ළඟා විය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස නවාතැන් ගෙන සිටින බ්‍රසල්ස් නුවර පිහිටි රිනෙයිසන්ස් හෝටලයේ දී පිළිගනු ලැබූයේ බෙල්ජියම්හි ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා මහතා සහ තානාපති කාර්යාලයීය නිලධාරීන් විසිනි.

ශ්‍රී ලංකා අගමැතිවරයා මෙම සංචාරයේ දී යුරෝපා කොමිසම, යුරෝපා සංගමය සහ යුරෝපා පාර්ලිමේන්තුවේ ඉහළ පෙළේ නිලධාරීන් සමඟ හෙට (17) සිට සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ජීඑස්පී සහනය නැවත ශ්‍රී ලංකාවට හිමිවුවහොත් මිලියන 500 ක ජනගහනයකින් යුතු යුරෝපීය වෙළෙඳපොළ මගින් ශ්‍රී ලංකාවේ නිල මුදල් සංචිතය 10 %– 20% අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇතැයි බෙල්ජියම්හි ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා මහතා පැවැසීය.

අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානී, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක, අගමැති ලේකම් සමන් ඒකනායක, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ විශේෂ සහායිකා සැන්ඩ්රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද මෙම සංචාරයට එක්ව සිටිති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles