Sunday, September 22, 2024

අගමැති මහනාහිමිවරු රහස් හමුවෙන් පසු – අනුරපුරේ මහා ජන රැලියක

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) පස්වරුවේ අනුරාධපුරයේ සාලියපුර පැවැත්වෙන දැවැන්ත ජන හමුවකට සහභාගී වේ.

ඇමැතිවරුන් වන කබීර් හෂීම්, රාජිත සේනාරත්න, අකිල විරාජ් කාරියවසම්, පී. හැරිසන් සහ රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහත්වරුන් ද රැලිය ඇමතීමට නියමිතය. හෙට පෙරවරුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, ශ්‍රී මහ බෝධිය, රුවන්වැලි මහා සෑය, සාරානන්ද පිරිවෙන, මිරිසවැටිය සහ තන්තිරිමලේ රජමහා විහාරයේ පැවැත්වෙන ආගමික වතාවත්වලට සහභාගී වීමට නියමිතය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දිනවල මහනායක හිමිවරුන් සමඟ රහස් සාකච්ඡා කිහිපයක් පවත්වා ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ඊයේ (28) අනුරාධපුරයට ගිය අග්‍රාමාත්‍යවරයා වෙන් වෙන් වශයෙන් අටමස්ථාන විහාරාධිපති, මිරිසවැටිය විහාරාධිපති හා සාරානන්ද පිරිවෙනෙහි ප්‍රධාන හිමියෝ හා රහස් සාකච්ඡා පවත්වා ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාල අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ සාකච්ඡා, ඉදිරියේදී සිදු කිරීමට නියමිත ව්‍යවස්ථා වෙනස හා රටේ ආර්ථිකය සම්බන්ධයෙන් සිදුකරන ලද ඒවා බවද CIA වෙත වාර්තා වේ.

මීට පෙරද අගමැතිවරයා මල්වතු මහ නාහිමියන් හා අස්ගිරි මහ නාහිමියන් වෙන් වෙන් වශයෙන් බැහැ දැක රහස් සාකච්ඡා පවත්වා තිබිණි.

ඒවායේදී ද සාකච්ඡාවට ගෙනතිබුණේ  ව්‍යවස්ථා වෙනස හා ආර්ථිකය සම්බන්ධ කාරණාය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles