අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා අවධාරණය කළේය.ඒ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කො රෝනා ආසාදිත බවට සඳහන් කරමින් අද පැතිර ගිය පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවට වාර්තා වනවා.
අද (27) ජනාධිපති ලේකම්කාර්යාලයේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටුවේ රැස්වීමට ද සහභාගී වූ අතර අනතුරුව නිලධාරීන් සමඟ දිවා ආහාරයද ගත් බවයි සෙනරත් මහතා සඳහන් කළේ.
ඒ අනුව අග්‍රාමාත්‍යවරයා නිරෝගීව පසුවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබුණේ තමන් සෞඛ්‍ය සම්පන්නව සිටින බවත්, අරලියගහ මන්දිරයට වී තම රාජකාරි කටයුතුවල යෙදෙමින් සිටින බවයි. එමෙන්ම අද පැවති කොවිඩ් මර්ධන කමිටු රැස්වීමටද තමන් සහභාගී වූ බවයි මෙහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.