Wednesday, October 30, 2024

අගමැති මහින්ද ඉතාලියට

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ඉතාලි සංචාරය සඳහා අද (10) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඔහු සමඟ දූත පිරිස ලෙස 17 දෙනෙකු මෙම සංචාරය සඳහා එක්ව ඇති බව ගුවන්තොටුපල ආරංචි මාර්ග සඳහන් කළා.

මෙම පිරිස 09/10 දින අලුයම 03.15 ට එමිරේට්ස් ගුවන් සේවයේ EK 649 දරන ගුවන් යානයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත පිටත්ව ගොස් තිබෙනවා.

එතැන් සිට වෙනත් ගුවන් යානයකින් ඉතාලිය වෙත ගමන් කිරීමට නියමිතයි

ඉතාලියේ Bologna විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන අන්තර්ජාතික සමුළුවක ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීම සහ රාජතාන්ත්‍රික හමුවීම් පදනම් කරගනිමින් අග්‍රාමාත්‍යවරයා ඉතාලියේ සංචාරය සඳහා පිටත්ව ගොස් තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles