Monday, January 13, 2025

අගමැති මහින්ද තිරුපති ගිය ජෙට් එක ගැන යෝෂිත කතා කරයි

අගමැති මහින්ද රාජපක්ෂ මහතා තිරුපති වන්දනාව සදහා ගිය පෞද්ගලික ජෙට් යානය සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවන්හි විවිධ පුවත් පැතිර යමින් තිබේ.

Blue Embraer Legacy 600 business jet වර්ගයට අයත් මෙම ගුවන් යානය අගමැතිවරයාට ව්‍යාපාරිකයකු විසින් ලබා දුන්නක් බවද කියවිනි.

එය තහවුරු කරමින් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා The Morning’ පුවත්පතට පවසා ඇත්තේ තමන්ගේ තාත්තාගේ ඉන්දීය ව්‍යාපාරික මිතුරෙකු විසින් මෙම යානාව ලබා දී ඇති බවත් නම හෙළ කිරීමට අකමැති බවත්ය.

මෙම යානාව ලබා දිම සුහදතාවයේ ඉගියක් බවද ඔහු සඳහන් කර ඇත.

වාර්තා වන අන්දමට අගමැතිතුමාගේ පවුලේ උදවිය වෙත නොමිලේ ලබාදුන් මෙම ගුවන් යානයේ සාමාන්‍ය කුලී ගාස්තුව පැයට ඩොලර් 6700 පමණ වෙයි. අගමැතිවරයා සහභාගී වූ තිරුපති සංචාරය දෙදින සංචාරයකි.

දෙසැම්බර් 23 වැනි දින වන්දනා චාරිකාව සඳහා ඔහුගේ පෞද්ගලික දෙදින සංචාරයට  තිරුපති ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ‘බ්ලූ එම්බ්‍රේර් ලෙගසි 600ං ව්‍යාපාරික ජෙට් යානයකින් බැස යන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ඡායාරූප සමාජ මාධ්‍ය සහ ප්‍රවෘත්ති වෙබ් අඩවි කිහිපයක ආන්දෝලනාත්මක ලෙස සංසරණය වීමෙන් පසුව ජෙට් යානය හිමිකරු විසින් කිසිඳු අයකිරීමකින් තොරව ලබාදී ඇති බව ප්‍රසිද්ධ කරන ලදි.


අන්තර්ජාලයේ ඇති තොරතුරු වලට අනුව, Legacy 600 හි සාමාන්‍ය පැයක කුලී ගාස්තුව පැයකට USD 6,700ක් පමණ වේ.
T7-JSG නමැති මෙම යානය ගැන සොයා බැලීමේදී එය කුඩා යුරෝපීය රාජ්‍යයක් වන San Marino හි ලියාපදිංචි වී ඇති Legacy 600 JetSetGo Aviation Services ට අයත් ගුවන් යානා වලින් එකකි.

මෙය ධනවත් පුද්ගලයින්ට පුද්ගලික ගුවන් යානා කුලී සේවා සපයන ඉන්දියානු සමාගමකි. ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං ආයෝජකයෙකු ලෙස එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටීමද විශේෂත්වයකි.
සටහන් වලට අනුව, T7-JSG අප්‍රිකානු රාජ්‍යයක් වන උගන්ඩාවේ සිට දෙසැම්බර් 16 වන දින රත්මලාන ගුවන් තොටුපළට පැමිණියේ 23 වනදා අගමැතිගේ සංචාරය පිණිසය. යානය පිටවනතුරු පැවති ස්ථානය ගැන සාක්ෂි නැත.


 දෙසැම්බර් 23 වැනි දින අග්‍රාමාත්‍යවරයා සමඟ යානය රත්මලානෙන් තිරුපති බලා පිටත් විය. ඉන් අනතුරුව, එම යානය එදිනම නවදිල්ලි නුවර බලා පිටත් වී ඇති බව දත්ත පෙන්වා දෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles