අගමැති මහින්ද සහ ඇමති ජී. එල්. නුදුරේදීම ඉතාලියේ සංචාරයකට

0
498

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා ඇතුළු දූත පිරිසක් නුදුරේදීම ඉතාලියෙහි සංචාරයක නිරත වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. 

ඔවුන් වතිකානුවට ද යාමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශන සතුටුදායක මට්ටමක නොමැති බව පසුගියදා කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් විසින් වතිකානුවට ලිඛිතව දැනුම් දී තිබුණු අතර එම විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ වතිකානුව දැනුවත් කිරීම ද මෙම සංචාරයෙහි අරමුණක් වී ඇති බවත් වාර්තා විය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here