Sunday, September 22, 2024

අගමැති මැදිහත් වීමෙන් සුදුළූණු වංචාව හෙළි කළ මාධ්‍යවේදීන් CID කැඳවීම වළකියි. ජනමාධ්‍ය ඇමති ඩලස් කණගාටුව පළ කරයි

සුදුළූණු වංචාව පිළිබඳ වාර්තා කළ මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවට කැඳවීමේ තීරණය ක්‍රියාත්මක නොකරන ලෙස අග්‍රාමාත්‍යවරයාගෙන් උපදෙස් ලැබී ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

පසුගිය සතියේ පළ කල පුවතක් සමිබන්ධයෙන් රහස් පොලිසිය හඹාගෙන යන සිද්ධියක් පිළිබඳව අද වැනි දිනයක් ආරම්භ කරන විටම අසන්නට ලැබීම කණගාටුවට මෙන්ම ලැජ්ජාවට කරුණක් බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ද මෙම සිද්ධිය සම්බන්ධ ව අදහස් පළ කළා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ  හිටපු විධායක අධ්‍යක්ෂ  තුෂාන් ගුණවර්ධන  මහතා  ලංකාදීප පුවත්පතට කළ ප්‍රකාශ සම්බන්ධයෙන් එහි ප්‍රධාන කර්තෘවරයාගෙන් සහ  එම ප්‍රවෘත්ති සහ ලිපි ලියූ  ලේඛකයන්ගෙන්  ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  විශේෂ නිලධාරින්  කණ්ඩායමක් කොළඹ හුණුපිටිය හරස් පාරේ පිහිටි ලංකාදීප  ප්‍රධාන  කාර්යාලයට අද  (28) උදේ  පැමිණි තිබෙනවා.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් මේ මොහොතේ පිළිතුරු දීමට සූදානමක් නො මැති බවට ලංකාදීප ප්‍රධාන  කතුවරයා දැනුම් දීම නිසා, එම විමර්ශන නිලධාරී කණ්ඩායම ලංකදීප ප්‍රධාන කාර්යාලයෙන් ඒ මොහොතේ ම  පිටව ගිය බවයි වාර්තා වෙන්නේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ලංකාදීප ප්‍රධාන කාර්යාලයෙන් එසේ පිට ව ගියේ  ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා වෙනත් දිනයක නැවතත් පැමිණෙන බවට දැනුම් දෙමින්.

ලංකාදීප පුවත්පත එම ලිපි සහ ප්‍රවෘත්ති වලින් අනාවරණය කර තිබුණේ, පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලා අස් වූ  තුෂාන් ගුණවර්ධන මහතා  විසින් පළ කරන ලද අදහසකි.

තොස සුදුළුෑණු වංචාව ඇතුළු අනෙකුත් දූෂණ අක්‍රමිකතා  සම්බන්ධයෙන්  ඒ මහතාගෙන් ප්‍රශ්න කර  තොරතුරු ලබාගෙන  විමර්ශන පවත්වනවා වෙනුවට පුවත්පතේ කර්තෘවරයාගෙන් එම ලිපි සහ ප්‍රවෘත්ති ලියූ ලේඛකයන්ගෙන්  ප්‍රශ්න කිරීමට  සූදානම් වීම  විහිළු සහගත මෙන් ම  මාධ්‍ය  නිදහසට එල්ල කරන බරපතළ ආකාරයේ තර්ජනයක් බවයි මාධ්‍ය සංවිධාන පෙන්වා දෙන්නේ.

තොරතුරු දැනගැනීමේ අයිතිය සහතික කරන විශ්වීය දිනය තුළදී ම සිදු නොවිය යුතු මෙවැනි සිද්ධියක් පිළිබඳ කණගාටුව මෙන්ම ලැජ්ජාව කරුණක් වු අතර අග්‍රාමාත්‍යවරයා, විෂය භාර අමාත්‍යවරයා මේ පිළිබඳව ඒ අවස්ථාවේදීම දැනුවත් කළා පමණක් නොව අපගේ විරෝධය දන්වා සිටීමට සහ ඊට එරෙහිවීමට අප විවෘතවම කටයුතු කළා යැයිද ඔහු වැඩිදුරටත් කියා සිටියි.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන සමහතා විසින් සතොස ආයතනයේ සිදුවූ සුදු ළුෑණු වංචාව පිළිබඳව වාර්තා කළ මාධ්‍යවේදීන් කිහිපදෙනකු මෙන්ම මේ පිළිබඳව කකුවැකි ලියූ ලංකාදීප කර්තෘ සිරි රණසිංහ , ද අයිලන්ඩ් ප්‍රවෘත්ති කර්තෘ ෂමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු වැනි ජ්‍යෙෂ්ඨයන් පවා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුවට කැඳවීම කැඳවා ඇති බව තමන්ද දැන ගත් බව පැවසූ ජනමාධ්‍ය අමාත්‍යවරයා එය කිසිසේත් සිදු නොවිය යුතු තත්ත්වයක් බව අවධාරණය කළේය.


“මම හිතන්නේ බන්දුල ගුණවර්ධන ඇමතිවරයා තමන් යටතේ පවතින සතොස ආයතනයේ සිදුවූ වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබෙනවා. අපි බොහෝ දෙනකු දන්නවා එතුමා තක්කඩියෙක් වංචාකරුවෙක් නොවෙයි. නමුත් මේ පැමිණිල්ල මත කොතැනක හො වැරැද්දක් සිදුව තිබෙනවා. ජනමාධ්‍යවේදීන්ට මෙවැනි ඉරණමකට මුහණ දීමට ඒකාධිපතිවාදයට එරෙහිව යුක්තිවය වෙනුවෙන් පෑන මෙහෙයවපු මාද්‍යෙව්දියකු වන මා ජනමාධ්‍ය ඇමති ධුරයේ සිටින තාක් ඉඩ තබන්නේ නෑ. මේ පිළිබඳව මම යළිත් කණගාටු වනවා යැයි සඳහන් කළේය

ඔහු මේ බව කියා සිටියේ තොරතුරු සඳහා විශ්වීය ප්‍රවේශයක් වෙනුවෙන් ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය කළ ” තොරතුරු එන්නත සියලු පුරවැසියන්ට සහතික කරමු ” යන සැමරුම් උළෙල හා සජීවි සංවාද මණ්ඩපයේදීය.  මෙය අද (28) දින සුම් තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles