Sunday, September 22, 2024

අගමැති හා ලොව්රාන් කුමරු අතර හමුවක්

වර්තමානයේ යුරෝපයට අවශ්‍ය බල ශක්තියෙන් සියයට 12 කට වඩා වැඩි ප්‍රමාණයක් නිපදවෙන්නේ පුනර්ජනනීය ශක්ති ප්‍රභවයන් උපයෝගී කර ගනිමිනි ඉදිරියේදී පුර්ණ වශයෙන් පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි යොමුවන බවත් බෙල්ජියමේ ලොව්රාන් (Laurent) කුමරු ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස හමුවෙමින් පැවසීය.

සිය සිව් දින නිල සංචාරය අරඹමින් වික්‍රමසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස අද(17 වන දා)  දහවල් බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පුනර්ජනනීය බල මැඳුරේ දී බෙල්ජියමේ ලොව්රාන් (Laurent) කුමරු හමුවී සාකච්ඡා පැවැත්වූහ.

දැනට ප්‍රධාන වශයෙන් විදුලි බල උත්පාදනය සඳහා න්‍යෂ්ටික බලය උපයෝගි කර ගන්නා බෙල්ජියම අනාගතයේ පුනර්ජනනීය විදුලි බල උත්දාපනය සඳහා පූර්ණ අවධානය යොමු කර ඇති අතර, සාකච්ඡා පැවැත්වූ මැඳුරෙහි කාර්යයන් සඳහා සම්පූර්ණයෙන්ම පාහේ උපයෝගී කර ගැනෙනුයේ පුනර්ජනනීය විදුලි බලයයි.

බෙල්ජියමෙහි පිලිප් රජතුමන්ගේ බාල සොහොයුරා වන ලොව්රාන් (Laurent) කුමරු ස්වාභාවික සම්පත් තිරසර කළමනාකරණය සහ පිවිතුරු තාක්‍ෂණ ප්‍රවර්ධනය පිළිබඳ රාජකීය ආයතනයේ සභාපතිත්වය උසුලයි. ගෘහස්ත සහ වන සත්ව සුභසාධනය සඳහා වූ ලොව්රාන් පදනමෙහි ප්‍රධානත්වය උසුලන්නේ ද ලොව්රාන් (Laurent) කුමරු විසිනි. වන ජීව සහ පරිසර සංරක්‍ෂණ විෂයයන් පිළිබඳව ද ලොව්රාන් (Laurent) කුමරු දැඩි උනන්දුවක් දක්වයි.

ලොව්රාන් කුමරු සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව වික්‍රමසිංහ මහතා ප්‍රධාන ශ්‍රී ලංකා දූත පිරිස මැඳුරු සංකීර්ණයේ විවිධ ස්ථානයන්හි ස්ථාපිත කර ඇති බල උත්පාදන යන්ත්‍ර සහ ඒවාට උපයෝගී කර ගන්නා තාක්‍ෂණික ක්‍රමවේදයන් ද නිරීක්‍ෂණය කළහ.

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා, අග්‍රමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා සහ බෙල්ජියම් තානාපති කාර්යාලයේ වාණිජ අංශ අමාත්‍ය ගෝතමී සිල්වා යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක් වූහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles