අග්‍රාමාත්‍යතුමා සිංගප්පූරුවේ සංචාරයක…

0
355

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තෙදින නිළ සංචාරයක් සඳහා අනිද්දා සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

මෙම සංචාරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරු ජනාධිපතිවරයා සහ එරට අග්‍රාමාත්‍යවරයා සමග ද්විපාර්ශවික සාකච්ඡාවලට සහභාගීවිමට නියමිතය.

තුන්වන දකුණූ ආසියානු ඩයස්පෝරා සමුළුවේ ආරම්භක සැසිවාරය ඇමතීමට ද අග්‍රාමාත්‍යවරයාට ඇරයුම් ලැබී තිබේ.

එම සමුළුව පැවැත්වෙන්නේ ලබන 18 සහ 19 යන දිනවලදීය.

සිංගප්පූරු සංචාරය සදහා විදේශ අමාත්‍යය මංගල සමරවිර මහතා ඇතුළු මැතිඇමතිවරුන් පිරිසක් ද සහභාගීවිමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here