Tuesday, December 24, 2024

අගාරික ධර්මපාල – ජේ.ආර්. ජයවර්ධන ජන්ම දින සමරා එජාපයෙන් පින්කම්

අනගාරික ධර්මපාලතුමන්ගේ සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු නායක, හිටපු ජනාධිපති දිවංගත ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ජන්ම දිනය සිහිපත් කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගෙන එජාප නායකයින්ගේ සහභාගීත්වයෙන් විශේෂ ආගමික වැඩසටහනක් රත්මලාන පරම ධම්මචේතිය පිරිවෙන් විහාරස්ථානයේදී 17 දින දහවල් පැවැත්විණි.

එක්සත් ජාතික පක්ෂයේ බෞද්ධ කමිටුව සහ රත්මලාන එජාප ක්‍රියාකාරීන් එක්ව සංවිධානය කළ මෙම ආගමික වැඩසටහන සහ ධර්ම දේශනාව  ශ්‍රී කළ්‍යාණ සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ලෝක සංඝ සම්මේලනයේ උප සභාපති රත්මලානේ පරමධම්ම චේතිය පිරිවෙන් අධ්‍යක්ෂ ආචාර්ය මාඉටිපේ විමලසාර නාහිමිගේ අනුශාසනා පරිදි කදුරුදූව ශ්‍රී දීපාරාම විහාරවාසී වේලස් කුමාර විද්‍යාලයේ ආචාර්ය ගෞරව ශාස්ත්‍රපති පූජ්‍ය හැඩිගල්ලේ පඤ්ඥාලෝක හිමි විසින් පවත්වන ලදි.

අනගාරික ධර්මපාලතුමන් සහ හිටපු ජනාධිපති දිවංගත ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ජන්ම දිනය මෙන්ම එක්සත් ජාතික පක්ෂයට වසර 75 ක් සපිරීම, ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබාගෙන වසර 75 ක් සපිරීම සහ ශ්‍රී ලංකාවට මෙන්ම ඉන්දියාවට නිදහස ලැබීමද සිහිපත් කරමින් මෙම ආගමික වැඩසටහන පැවැත්වීම විශේෂත්වයක් විය.

ආගමික වැඩසටහන ආරම්භ කිරීමට පෙර එම පිරිවෙන් විහාරස්ථානයට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, සභාපති වජිර අබේවර්ධන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය, එජාප බෞද්ධ කමිටුවේ සභාපති මහරගම සංවිධායක නීතීඥ සුදත් ජයසුන්දර, රත්මලාන එජාප බලමණ්ඩලයේ ලේකම් හිටපු නාගරික මන්ත්‍රී අකිල රාජපක්ෂ සහ බෞද්ධ කමිටුවේ ලේකම් මහරගම නාගරික මන්ත්‍රීනී රේණුකා සේනාරත්න යන මහත්ම මහත්මීහූ නාහිමියෝ බැහැදැක ආශිර්වාද ලබාගත්හ.  

මහා සංඝරත්නයේ ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මෙම පිරිස විහාරස්ථානයේ සංවිධානය කර තිබූ ආගමික කටයුතුවල නියැළි පැයක පමණ ධර්ම දේශනාවකට සවන් දුන්හ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles