අගෝස්තු 01 සිට බස් ගාස්තු 6% කින් වැඩිවෙයි..

0
367

බස්ගාස්තු සියයට 6කින් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ප්‍රවාහන අමාත්‍යංශය පැවසුවේ ගාස්තු සංශෝධනයට අදාළ ප්‍රතිශතය විද්වත් කමිටුවක් විසින් සකස් කර ඇති බවයි.

ඒ අනූව අගෝස්තු මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තුව සියයට 6කින් වැඩි කිරීමට බස් සංගම්වලට අවස්ථාව හිමිවනු ඇත.

බස් ගාස්තු සියයට 3.2කින් වැඩි කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය කළ යෝජනාව බස් සංගම් විසින් පසුගියදා ප්‍රතික්ෂේප කර තිබුණි.

ඒ අනූව ඔවුන් වැඩවර්ජනයකට යන බවට ද පසුගිය දිනක රජයට අනතුරු ඇඟවූ අතර ජනපති සමග පැවැති සාකච්ඡාවකින් පසු එය අතහැර දැමීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here