අඩු ආදායම්ලාභී පවුල් සඳහා ක්‍රියාත්මක කරන “ඔබට ගෙයක් රටට හෙටක්” වැඩසටහන ගැන නව කැබිනට් තීන්දුවක්

0
315

අද පැවති (25) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී තාවකාලික නිවාසවල පදිංචි අඩු ආදායම්ලාභී පවුල් සඳහා ක්‍රියාත්මක කරන ‘ඔබට ගෙයක් – රටට හෙටක්’ යන නිවාස සංවර්ධන වැඩසටහන වෙනුවෙන් නව කැබිනට් මණ්ඩල තීන්දුවක් ගෙන තිබෙනවා.ඒ අනුව මෙම ව්‍යාපෘතිය යටතේ තෝරාගත් ප්‍රතිලාභී පවුලකට රුපියල් 600,000ක උපරිමයකට යටත්ව ආධාර මුදලක් නිවාස ඉදිකිරීමේ ප්‍රගතිය මත ලබාදෙනු ලබනවා.

මෙම ව්‍යාපෘතිය 2020 ව‍ර්ෂයේ දී ආරම්භ කිරීමෙන් අනතුරුව ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල විශාල වශයෙන් ඉහළ යාම හේතුවෙන් රුපියල් ලක්ෂ හයේ ආධාර මුදල මෙම කටයුත්ත සඳහා ප්‍රමාණවත් නොවීම මත එය තවත් රුපියල් 50,000කින් ඉහළ දැමීමට යෝජනා කෙරුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින්.

මෙතෙක් තාවකාලික නිවසක පදිංචි අඩු ආදායම්ලාභී පවුල් සඳහා රුපියල් 600,000ක ආධාර මුදලක් ගෙවීමට තීරණය කර තිබුනද ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල ඉහළ යෑම හේතුවෙන් ආධාර මුදල රුපියල් 50,000 කින් වැඩි කළ යුතු බවට අමාත්‍ය මණ්ඩලයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිවාස අමාත්‍යවරයා වශයෙන් යෝජනා කර තිබෙන අතර තෝරාගන්නා ප්‍රතිලාභී පවුල්වලට රුපියල් 650,000 බැගින් ගෙවීමට ඒ අනුව ඉදිරියේදී පියවර ගනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here