Friday, January 24, 2025

අඩු පහසුකම් ඇති මධ්‍යම පාන්තිකයන්ට නිවාස සිහිනය සැබෑ වෙයි

අඩු පහසුකම් ජනාවාසවල ජීවත්වන ජනතාව සහ මධ්‍යම පාන්තිකයන් වෙනුවෙන් නිවාස 7500ක් ඉදිකිරීමේ කාර්ය වහාම ආරම්භ කරන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට ඊයේ (14) උපදෙස් දුන්නේය.

මධ්‍යම පාන්තිකයන් සඳහා නිවාස ලබාදීමේදී අවම මූලික ගෙවීමකින් නිවාස හිමිකම් ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන්නැයි නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති සම්බන්ධයෙන් එම අධිකාරියේ නිලධාරින් සමඟ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවේදී අගමැතිවරයා එම නිලධාරීන්ට නියෝග කළේය.

මේ මස අවසන්වීමට පෙර අදාළ නිවාස ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නාගරික සංවර්ධන අධිකාරියේ එකඟතාව පළකළ අතර අලුතින් ඉදිවන නිවාස 7500න් 4000ක් අඩු පහසුකම් ජනාවාසවල ජීවත්වන්නන් නැවත පදිංචි කිරීම උදෙසා ඉදිකෙරෙන අතර ඉතිරි නිවාස 3000 මධ්‍යම පාන්තිකයන් සඳහා වෙන්වනු ඇතැයි නිලධාරීන් පෙන්වා දුන්හ.

ඒ අනුව මධ්‍යම ප්‍රාන්තික නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී නිවාසලාභීන්ට වසර 30ක් දක්වා සියයට 6.25% පොලී අනුපාත යටතේ නිවාස ලබා දීමට තීරණය කෙරිණි.

විවිධ ආධාර යටතේ ලැබෙන නිවාස ව්‍යාපෘති උතුරේ, දකුණේ හෝ වතුකරයේ ජනතාව සඳහා පමණක් නොව රට පුරා සියලු සාමාන්‍ය ජනතාව සඳහා බෙදී යා යුතු බව අගමැතිවරයා අවධාරණය කළේය.මෙම අවස්ථාව සඳහා නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය ඇමැති නාලක ගොඩහේවා, අගමැති ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එස්. එස්. බී. යාලේගම, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එන්. පී. .කේ. රණවීර, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ඊ. ඒ. සී. පියශාන්ත මහතා ඇතුළු මහත්ම මහත්මීන් රැසක් එක්ව සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles