Saturday, September 21, 2024

අඩු වයස් ගැබ් ගැනීම් වැඩිවෙලා

“අඩු වයසින් ගැබ් ගැනීම් මේ වන විට  විශාල ගැටලුවක් බවට පත්වෙලා තියෙනවා” යැයි බෝපේ පොද්දල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජී.ඒ ආශා ලක්මාලි මහත්මිය පවැසුවාය. බෝපේ පොද්දල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති පෝෂණ කමිටු රැස්විමේදී අදහස් දක්වමින්  ඇය මේ බව සඳහන් කළාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහත්මිය, “බෝපේ, පොද්දල නම්  අඩු වයසින් ගැබ් ගැනීම  අඩුයි. එය සියයට පහක් තුනක් වගේ සංඛ්‍යාවක් තමයි තියෙන්නේ. ළමයෙකුට දරුවකු හමුවෙන්න ගියහොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා දරුවකු බිහිකරන්න අම්මා කෙනෙක් වෙන්න සුදුසු වයස වෙනකම් ඉන්න වෙනවා. නියමිත වයස තමයි අවුරුදු විස්ස.

නමුත් අවුරුදු 16 දී හා 17දී විවාහවන අය  වැඩිදෙනෙක් අප ළඟට එන්නේ ගැබ් ගැනීමක් ඇති වූ පසුවයි. එය විශාල ගැටලුවක්. මේ නිසා අඩු වයසින් විවාහ වූ  පිරිස් දැනුවත් කිරීමේ වැඩසටහනක් තියෙනවා. ඒ නිසා අපි දැනුවත් කිරීමක් කරලා තියෙනවා විවාහ වූ ගමන් පවුල් සෞඛ්‍ය නිලධාරිනිය ළඟ ලියාපදිංචි වෙලා  සායනයට එන්න කියලා.

එහිදී ලිංගික,  සෞඛ්‍ය ගැටලු පිළිබඳ ප්‍රශ්න, වෙනත් ප්‍රශ්න, ගැබ් ගැනීම ප්‍රමාද කරගැනීමට අවශ්‍ය නම් හා වෙනත් අසනීප තියෙනවා නම් ඒ ගැන අවශ්‍ය උපදෙස් ලබාදීම සිදුකරනවා. නමුත් අවාසනාවකට වගේ අඩු වයසින් විවාහ වූ යුවළ අපට හමුවෙනවිට ගැබ් ගැනීමක් ඇති වෙලා. නියමිත වයසේදී දරුවෙකු බිහිකළ  යුතුයි.  එසේ දරුවෙකු බිහිකරන මව කායික හා මානසික වශයෙන් හොද තත්ත්වයක සිටිය යුතු වෙනවා. අඩු වයසින් ගැබ් ගැනීම්වලදී අඩුබර දරුවන් තමයි උපදින්නේ. අඩු වයස් ගැබ්ගැනීම්වලදී ඒ මවුවරුන්ට නොයෙකුත් සංකූලතා ඇති වෙනවා.” යැයිද පවසා සිටියාය.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles