අණපනත් සම්මතවූ පසු සහල් කිලෝවක මිල රු 100 ඉක්මවා අලෙවි කිරීමට කිසිදු ව්‍යාපාරිකයෙකුට අවස්ථාව නෑ

0
327

සහල් මිල පාලනය සදහා අලුතින් හදුන්වාදීමට නියමිත අණපනත් සම්මතවූ පසුව මෙරට තුළ සහල් කිලෝවක මිල රුපියල් සියය ඉක්මවා අලෙවි කිරීමට කිසිදු ව්‍යාපාරිකයෙකුට අවස්ථාව නොදෙන බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන අවධාරණය කරනවා.

පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී ලද අනුමැතිය අනුව සහල් මිල පාලනය පිළිබද අණපනත් කඩිනමින් සම්මත කරමින් ගොවියා සහ පාරිභෝගිකයා යන දෙපාර්ශවයටම සාධාරණයක් ඉටු කිරීම රජයේ අරමුණ බවයි අමාත්‍යවරයා පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here