අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිස් පරීක්‍ෂකට පහර දෙයි.. පොලිස් පරීක්‍ෂක රෝහලේ..

0
734

ලිංගික අතවර සිද්ධියකට සම්බන්ධ සැකකරුවකු කළුතර උතුර පොලිස් සිරමැදිරිය තුළට දැමීමට කටයුතු කිරීමේදී එම සැකකාර පුද්ගලයා පොලිස් පරීක්ෂකවරයෙකු ට එකවර ඊට විරෝධය පළකර ,පහරදීමක් සිදුකර ඇති අතර පහරකෑමට ලක්වූ පොලිස් පරීක්ෂකවරයා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු (17) දා සවස පැවසීය.

කාන්තාවකට සිදු කරන ලද ලිංගික අතවර සිද්ධියක් සම්බන්ධයෙන් සැකකාර පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන පොලිස් සිර මැදිරිය තුළ රඳවා තැබීමට කටයුතු කිරීමේදී සිද්ධිය පිළිබඳව විමර්ශන කටයුතු සිදු කරන සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සිසිර ෆොන්සේකා මහතාගේ මුහුණට පහර දීමක් සිදු කර තිබේ.

සැකකරු කළුතර අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ප්‍රතිකාර ලබන පොලිස් පරීක්ෂකවරයාගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස මහතාගේ උපදෙස් පරිදි කළුතර උතුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංක ද සිල්වා මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් පරීක්ෂණ සිදු කරයි.

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here