Saturday, January 11, 2025

අත්හදාබැලීම් කරන්න වෙනවා. ධම්මික පැණිය ප්‍රවර්ධනය කළේ සද්භාවයෙන්, ඒකෙන් කවුරුත් මැරුණේ නෑ

කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා සුවධරණී දේශීය ඖෂධ මංජුසාව රටපුරා ගෙයින් ගෙට ගොස් බෙදාහැරීමේ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිවූ බව දේශීය වෙදකම ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.

මං හිතනවා සමහර තීන්දු තීරණ අපි ඉතාම සද්භාවයෙන් මේ රටේ ජනතාව වෙනුවෙන් ලබාගත්ත ඒවා. ඒවායින් කිසිසේත්ම කිසිම කෙනෙක් මේ රටේ මියගිහිල්ලා නෑ. සංකූලතා ඇතිවෙලා නෑ. ඉතිං දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ ඇමතිවරයෙක් විදියට, අමාත්‍යාංශය විදියට අපට යම් යම් අත්හදාබැලීම් කරා යන්න වෙනවා. මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක අපි ඒ දේවල් කරලා නෑ. විශේෂයෙන්ම අපේ රටේ ආයුර්වේද දෙපාර්තමේන්තුව අනුමත කරන ලද ඖෂධ වලට අපි දැන් ප්‍රමුඛතාවය ලබාදෙමින් කටයුතු කරන්නෙ” 

අමාත්‍ය සිසිර ජයකොඩි මහතා මේ බව පැවසුවේ පෙරේදා (31) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමිනි. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles