Thursday, January 16, 2025

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 60 ක මිල ඉහළ දැමීමට තීරණයක් !

ඩොලරයට සාපේක්ෂව අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 60ක මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙයි.ඒ අනුව ඖෂධ මිල සංශෝධන ඇතුළත් ගැසට් පත්‍රය ඉදිරි දින දෙක තුළ නිකුත් කරන බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සියයට 29කින් ඖෂධ මිල ඉහළ දැමීමට මිල පාලන කමිටුව අවසර දී තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේ, ඒ අනුව සියලුම ආනයනික ඖෂධවල මිල ගණන් මෙම නව සංශෝධන මිල යටතේ අලෙවි කළ හැකි බවයි.

ඊයේ (10) පස්වරුවේ දී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, ආනයනය කරනු ලබන ඖෂධ වල මිල ගණන් සාධාරණ මිලක් යටතේ ඉහළ දැමීමට ආනයනකරුවන්ට අවසර දෙන බවත්, ඖෂධ අලෙවිකරුවන්ට ද සිය මිල ගණන් යාවත්කාලීන කරමින් දිවයිනේ කිසිදු ඖෂධ හිඟයකින් තොරව බෙදාහැරීමට ද කටයුතු කළ යුතු බවයි.

එතෙක් ඖෂධ නොසඟවා දැනට පවතින මිලට අලෙවි කරන ලෙස රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පෞද්ගලික අංශයේ ඖෂධ ආනයනකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.

අද දිනය තුළ නව මිල සංශෝධනය මිල නියාමන කමිටුව මගින් ලබාදීමට නියමිතව ඇති බවයි එහි ලේකම්, වෛද්‍ය සමන් රත්නායක මහතා පවසන්නේ. ඉන් අනතුරුව එය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමුකර ගැසට් නිවේදනය පළ කිරීමට නියමිත වනවා.

මෙරට ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් ඖෂධ ආනයනකරුවන් 50%ක මිල වැඩිවීමක් අවශ්‍ය බවට ඉල්ලා සිටි නමුත් ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය ඖෂධ මිල නියාමන කමිටුවට ඉදිරිපත් කිරීමෙන් පසු 20%ක මිල වැඩිවීමක් සඳහා අනුමැතිය ලබාදී තිබුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles