ජීවන වියදම් කමිටුව අද (24) රැස්වීමට නියමිතව තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ජීවන වියදම් කමිටුව රැස්වීමට නියමිතය. මෙහිදී සහල්, කිරිපිටි, තිරිගුපිටි, සිමෙන්ති සහ ගෑස් මිල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ “ගණනයකිරීම් කරලා පාරිභෝගිකයාත් ආරක්ෂාවෙන ආකාරයේ මිල වැඩිකිරීම් තමයි කරනවා නම් කරන්නේ.” යනුවෙන් පැවසීය.