අත්‍යවශ්‍ය සේවා යටතේ අරක්කු ඔන්ලයින් විකුණයි.

0
351

අත්‍යවශ්‍ය සේවා යටතේ සිදුකරන තොග වෙළඳාමට මුවා වී මාර්ගගත ක්‍රමයට අරක්කු වැඩි මිලට විකිණීමේ ජාවාරමක් පොලිසිය විසින් වටලා තිබේ.

එම ජාවාරමේ නිරත වූ සැකකරුවන් කිහිප දෙනෙකු සහ අරක්කු බෝතල්ද සමග අත්අඩංගුවට ගත් බව මොරටුව එගොඩඋයන පොලිසිය සඳහන් කරයි.

රජයේ අනුමත අරක්කු වැඩි මිලට අලෙවි කරන බවට ලද තොරතුරක් අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

තොග වෙළද සැලකින් ආහාර ඇනවුම් කරන අතරතුර අරක්කුද ඔන්ලයින් ක්‍රමයට ඇණවුම් කළ හැකි පරිදි ජාවාරම සිදු කර ගෙන ගොස් තිබේ.

එහිදි අරක්කු බෝතලයක් රුපියල් 2500-2800 අතර මිල ගණන් වලට අලෙවි කර ඇති අතර ප්‍රවාහනය සඳහා වෙනම ගාස්තුවක් අය කර ඇත.

Lankacnews

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here