Thursday, January 23, 2025

අත්‍යාවශ්‍ය සේවා නියෝග පැනවූවත් වෘත්තීය අරගලය දිගටම

අත්‍යාවශ්‍ය සේවා නියෝග පනවා ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අත්හිටුවීමට ආණ්ඩුව උත්සහගත්තද එම උත්සහයන් අසාර්ථක වන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය වෙනුවෙන් එහි කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා අවධාරණය කරයි.

කෙරවලපිටිය බලාගාරය අමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව ගෙන යන වෘත්තීය අරගලය මර්දනය කිරීම සඳහා වරාය,ඉන්ධන,තැපැල් ඇතුලු ක්ෂේත්‍ර 12ක් අත්‍යාවශ්‍ය සේවා ලෙස නම්කරමින් ජනාධිපතිවරයා නිකුත් කර ඇති ගැසට් නිවේදනය පිළිබඳව මාධ්‍යයට අදහස් දක්වමිනුයි රන්ජන් ජයලාල් මහතා මේ බව සඳහන් කරන්නේ.


විදුලිය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස පත්කරමින් මෙම ගැසට් නිවේදනයට ඇතුළත් නොකිරීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය හා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය අදහස් පළ කර තිබුණා.

”මේ වෙනකොට ආණ්ඩුව සූදානම් වෙලා තිබෙනවා විදුලි බල මණ්ඩලය අමතක කරලා අත්‍යවශ්‍ය සේවා බවට ගැසට් එකක් ගහල තියෙනවා තෙල් එකයි වරායයි. ඒකෙන් විදුලි බල මණ්ඩලය ආණ්ඩුව තමන්ගේ පාලනයෙන් අයින් කරලා තියෙන්නේ. ආණ්ඩුව සමස්ත බලශක්ති ක්ෂේත්‍රය ඇමරිකාව සතු කරන්න යන්නේ. ඊයේ ඇමරිකානු තානාපතිනිය මාධ්‍යවේදියෙකු එක්ක සාකච්ජාවක් කළා. ඔවුන් පැහැදිලිවම කියනවා ඔවුන් මේ රටේ බලශක්ති ක්ෂේත්‍රයට අනිවාර්යයෙන් මැදිහත් වෙනවා කියල. මොකක්ද මේ තියෙන බලය. ඇමරිකාවට කවුද මේ බලය දුන්නේ. පැහැදිලියි ආණ්ඩුව ලෑස්ති වෙනවා නම් තෙල් එකටයි වරයටයි අදාළව හෝ විදුලි බලයට අදළව හෝ අත්‍යවශ්‍ය සේවා නියෝග පනවල ඉදිරියේ ගනු ලබන ක්‍රියාමර්ග අත්හිටුවන්න. ඒක අසාර්ථකයි. ඒක ආණ්ඩුවට කරන්න බැහැ.අපි ඒ නීතියට යටත් වෙන්නේ නැහැ.” යනුවෙන් රන්ජන් ජයලාල් මහතා වැඩිදුරටත් අදහස් දක්වා සිටියා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles