Friday, January 24, 2025

අත්‍යාවශ්‍ය වාහන 164ක් ජනපති සුරතින් රාජ්‍ය ආයතනවලට

ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ක්‍රමය යටතේ පොලිස් දෙපාර්තමේන්තුවට යතුරුපැදි 150ක් ක්ෂේත්‍ර රාජකාරී සඳහා අත්‍යවශ්‍ය ගිලන් රථ 50ක් , ජල බවුසර් 52ක්, ඩබල් කැබ් රථ 62ක් ඇතුළු වාහන 164ක් සංකේතාත්මකව අදාළ අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන වෙත භාරදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සුරතින් ඊයේ (28) පෙරවරුවේ සිදු කෙරුණා.

ඒ ජනාධිපති කාර්යාලයේදීයි.

එහිදී ගිලන්රථ 50ක් සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ සුවසැරිය ගිලන් රථ සේවයට ලබාදීම සිදු වූ අතර, ජල බවුසර් සහ ඩබල් කැබ් රථ වනජීවි දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, පළාත් පාලන ආයතන, දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන වෙත ප්‍රදානය කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ඇතුළු නිලධාරීන් පිරිසක් සහ මැති ඇමතිවරුන් පිරිසක් එක්ව සිටියා.

මේ අතර ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ක්‍රමය (JICS) යටතේ පිරිනැමුණු යතුරු පැදි 150ක් නිල වශයෙන් පොලිස් දෙපාර්තමේන්තුව වෙත භාරදීම ද ජනාධිපතිවරයා විසින් මෙහිදී සිදු කෙරුණා.

පරිත්‍යාග කරන ලද මෙම යතුරු පැදි ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ රථවාහන රාජකාරී සඳහා යෙදවීමට නියමිතයි.

ජනාධිපතිවරයා විසින් මෙම යතුරු පැදි සංකේතාත්මකව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර සහ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙත භාර දෙනු ලැබුවා.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා මහතා සහ පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles