අතුරුදන්වූවන්ගේ කාර්යාලය එපා කියා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

0
319
අතුරුදන්වූවන් පිළිබඳ සොයාබැලීමේ කාර්යාලයක් ස්ථාපිත කිරීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.
ඔස්ට්‍රේලියාවේ පදිංචි නීතිඥවරයෙකු වන විජිත අල්විස්  මහතා විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ විදේශ අමාත්‍යවරයා ඇතුළු 13 දෙනෙකු පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.
පෙත්සම්කරු පවසන්නේ අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයක් ස්ථාපිත කිරීම තුළින් රණවිරුවන් පවාදීමක් සිදු වන අතර එය පාර්ලිමේන්තු පනතක් මඟින් සම්මත කර ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි.
ඒ හේතුවෙන් අදාළ කාර්යාලය ස්ථාපිත කිරීම වලක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස සහ එම කාර්යාලය සඳහා නිලධාරීන් පත් කිරීම තහනම් කිරීමේ නියෝගයක් පනවන ලෙස ද පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here