අදත් දුම්රිය සහ බස් ධාවනය අඩාලයි… හෙට සිට සාමාන්‍ය පරිදි…

0
292

මේ අතර අලුත් අවුරුදු චාරිත්‍ර නිමා වීමෙන් අනතුරුව ගම්බිම් බලා යන ජනතාවට මෙන්ම ගම්බිම්වල සිට යළි කොළඹ බලා පැමිණෙන ජනතාවගේ පහසුව සඳහා අද සිට බස් රථ ධාවනයට යොදවා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවා.

ඒ අනුව අප්‍රේල් 18වනදා දක්වා අතිරේක බස් රථ සහ ගමන් වාර ක්‍රියාත්මක බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස පැවසුවේ.

මේ අතර අද දිනයේ දුම්රිය ගමන්වාර 34ක් අවලංගු කල බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී වී එස් පොල්වත්තගේ සඳහන් කළා.

අද දිනයේ සාමාන්‍ය ගමනාගමනය සඳහා බස්රථ ප්‍රමාණය 20%-30%ත් අතර ප්‍රමාණයකින් ඒක්වන බවයි පෞද්ගලික බස්රථ සංගම් පවසන්නේ. ඒබැවින් රාජකාරී බලා පිටත්වන මගීන් හට හෙට දිනයේ හැකියාව ලැබෙනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here