Friday, January 24, 2025

අදත් පළාත් 3කට තවදුරටත් වැස්ස

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පසුගිය දිනවල පැවැති අධික වර්ෂාව අද (16) සිට තාවකාලිකව තරමක් අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එහෙත් අද (16) දිනයේද අහස වළාකුළුවලින් බරව තිබෙන අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වල තවදුරටත් වැසි පැවැතිය හැකි යැයි කාලගුණ විද්‍යාඥ දර්ශන චමිල් ප්‍රේමතිලක මහතා පැවැසීය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පසුගිය දිනවල පැවැති අධික වර්ෂාවත් සමග ප්‍රදේශ බොහොමයක් ජලයෙන් යටවී තිබේ.
බද්දේගම, මාතර, කළුතර, මිල්ලකන්ද ආදී ප්‍රදේශවල එලෙස සුළු ගංවතුර තත්ත්වයක් ඊයේ (15) වන විට දැකගත හැකිවූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවැසීය.
මේ අතර අධික වර්ෂාව හේතුවෙන් කුකුළේගඟ ජලාශයේ වාන් දොරටුවක් තවමත් විවෘතව පවතින බවද ඒ මහතා කීය. එහෙත් සුළු ගංවතුර මට්ටමට පැමිණ තිබූ නිල්වලා ගඟේ ජලය ශීඝ්‍රයෙන් යමින් පැවැති කළු ගඟේ ජල මට්ටම ඊයේ (15) සවස් වන විට අඩුවෙමින් පැවැති බව හෙතෙම කීය.
එමෙන්ම ගාල්ල, මාතර, රත්නපුර, කළුතර ආදී දිස්ත්‍රික්කවල තවදුරටත් නාය යාමේ අවදානම පවතින බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු යැයිද ප්‍රදීප් කොඩිප්පිලි මහතා කීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles