අදත් පැයක් ලයිටි කැපෙයි

0
351

අද (08) දිනයේ ද දිවයිනේ ප්‍රදේශ රැසකට පැයක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ පස්වරු 06 සිට රාත්‍රී 9.30 දක්වා කාලය තුළ එම විදුලි කප්පාදුව සිදුකරන බවය.

විදුලි කප්පාදුව සිදුකරන ප්‍රදේශ පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති අතර අවශ්‍යතාවය අනුව එය සිදුකිරීමට නියමිත බව ඔහු පැවසීය.

නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත්කරන තෙක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අවම වශයෙන් පැයක කාලයක් හෝ විදුලි සැපයීම අත්හිටුවීමට සිදුවිය හැකි බව විදුලිබල අමාත්‍යාංශය පවසයි.

දිවයින පුරා පසුගිය 03 වනදා සිදුවූ විදුලි බිඳවැටීමත් සමග නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ විදුලි ජනනයද බිඳ වැටීමට ලක්වුණි.

එම බලාගාරයෙන් සපයන පූර්ණ ධාරිතාව ජාතික පද්ධතියට එක්කිරීමට දින 3ක පමණ කාලයක් ගතවිය හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here