අදත් පැය 05 ක විදුලිය කප්පාදු කරයි

0
347

අද දිනයේදී ඇතැම් ප්‍රදේශවලට පැය 05 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අනුමැතිය දී තිබෙනවා.

ඒ අනුව ඒ සිට එල් දක්වා කලාප 12 කට පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 03 යි විනාඩි 20 ක් බැගින් සහ පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැය 01 යි විනාඩි 40 ක් බැගින් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.

පී සිට ඩබ්ලිව් දක්වා කලාප 08 කට අද දිනයේදී පැය 04 යි විනාඩි 30 ක විදුලි කපා හැරීමක් සිදුවනවා.

ඒ අනුව පෙරවරු 09 සිට පස්වරු 05 දක්වා පැය 02 යි විනාඩි 40 ක්ද පස්වරු 05 සිට රාත්‍රී 10 යි 30 දක්වා පැය 01 යි විනාඩි 50 ක් බැගින්ද අද විදුලිය කපා හැරෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here