අදත් විටින් විට වැසි

0
304

අද (13) සබරගමුව,වයඹ, මධ්‍යම සහ උතුරු පළාත්වල විටින් විට වැසි ඇතිවන බවත් බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු-මැද පළාතේද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයක සඳහන්.

ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here