Saturday, January 11, 2025

අදත් විදුලි සැපයුමේ ඇනහිටිමක්!

සිකුරාදා (ජන. 7) එනම් අද දින දිවයිනේ විවිධ ප්‍රදේශවල විදුලි සැපයුමට බාධා ඇති විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක ඇති වූ දෝෂයක් හේතුවෙන් නුගේගොඩ, මහරගම ඇතුළු ප්‍රදේශ රැසකට බ්‍රහස්පතින්දා (6) රාත්‍රියේ විදුලිය සැපයීමට බාධා එල්ල විය.

කැලණිතිස්ස බලාගාරයේ ඇති වූ ගැටලුවෙන් මෙගාවොට් 135ක විදුලිය අහිමි වූ අතර කුකුළේ-ගඟ බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක ඇති වූ දෝෂයක් හේතුවෙන් තවත් මෙගාවොට් 76ක විදුලි බලයක් අහිමි වූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ආර්.එම්.රණතුංග මහතා පවසයි.

ඒ අනුව විදුලිබල මමණ්ඩලයේ කුකුළේ-ගඟ බලාගාරයේ ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත් කර ඇති නමුත් කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රය තවමත් සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කර නොමැත.

එහි ප්‍රතිඵලයක් ලෙස අද (7) දිනයේදී මෙන්ම විවිධ ප්‍රදේශවල දෛනික විදුලි ඉල්ලුම ඉහළ මට්ටමක පවතින අවස්ථා වලදී විදුලිය විසන්ධි විය හැක.

අදත් විදුලිය විසන්ධි විය හැකියි – ලංකා විදුලිබල මණ්ඩලය

අද දිනයේ ද දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට විදුලි විසන්ධි වීම් සිදුවිය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

විදුලි බල මණ්ඩලය පවසන්නේ දෛනික විදුලි අවශ්‍යතාව සපුරා ගැනීමේ අපහසුතා හෝ විදුලි බලාගාර පද්ධති බිදවැටීම් හේතුවෙන් මෙලෙස විදුලිය බිඳ වැටීම සිදුවිය හැකි බවය.

මේ අතර ඊයේ රාත්‍රීයේ අවස්ථා කිහිපයකදී කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලි සැපයුම ඇණහිට තිබුණි.

කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක් බිදවැටීම හේතුවෙන් මෙලෙස විදුලි සැපයුමට බාධා එල්ලවිය.

ලංකා විදුලි බල මණ්ඩලය පැවසුවේ රාත්‍රී 9.30 වනවිට විදුලි සැපයුම යථාතත්වයට පත් කෙරුණු බවය.

කෙසේ වෙතත් තවදුරටත් කැලණිතිස්ස බලාගාරයේ පද්ධති ක්‍රියාවලිය නිරික්ෂණය කරමින් සිටින බව ලංකා විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles