Sunday, December 29, 2024

අදින් ඇරඹෙන උසස් පෙළ – විභාග නීති උල්ලංඝණය කළහොත් අදාළ අයදුම්කරුට අවුරුදු 05 ක් හෝ ජීවිතාන්තය දක්වා විභාග තහනමක් !

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් ආරම්භ වනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව විභාගය පැවැත්වීම සඳහා සියලු කටයුතු මේවනවිට සූදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්.ඩී.ධර්මසේන පැවසුවේය.

විභාග මධ්‍යස්ථාන 2,437 කදී පැවැත්වෙන මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින අයදුම්කරුවන් සංඛ්‍යාව දෙලක්ෂ 79,141 ක්. කොරෝනා වෛරසය ආසදනය වූ සහ නිරෝධායනයට යොමුව සිටින මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන 29 ක් පිහිටුවා ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන සඳහන් කළේ.

විභාග ප්‍රවේශපත්‍රය, හැඳුනුම්පත සහ විභාගය ලිවීමට අවශ්‍ය පෑන් පැන්සල්වලට අමතරව වෙනත් කිසිඳු තහනම් භාණ්ඩයක් විභාග මධ්‍යස්ථානය වෙත රැගෙන ඒමෙන් වළකින ලෙසයි විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන මෙහිදී සිසුන්ගෙන් ඉල්ලීමක් කළේ.

යම් විභාග අපේක්ෂකයෙකු විභාග නීති උල්ලංඝණය කළහොත් අදාළ අයදුම්කරුට අවුරුදු 05 ක් හෝ ජීවිතාන්තය දක්වා විභාග තහනමක් පනවන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

මේ අතර මෙවර උසස් පෙළ විභාගය සඳහා රැඳවියන් තිදෙනෙකු ද පෙනී සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. එම රැඳවියන් තිදෙනා මැගසින් බන්ධනාගාරයේ ස්ථාපිත විභාග මධ්‍යස්ථානයේදී උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින බවයි බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක පැවසුවේ.

ඔවුන්ගෙන් එක් රැඳවියෙකු එම බන්ධනාගාරයේම රඳවා සිටින වයස අවුරුදු 38 ක්වූ විශේෂ ගණයේ LTTE සැකකරුවෙක්. අනෙක් රැඳවියන් දෙදෙනා වැලිකඩ බන්ධනාගාරයේ සිරදඬුවම් විඳින අවුරුදු 43 සහ 46 යන වයස්වල පසුවන සිරකරුවන් දෙදෙනෙක් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles