අද, අවුරුදු උත්සව වලට යන්න එපා..! – අනතුරු ඇඟවීමක්…

0
412

ප්‍රදේශ රැසක අද (14) උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය” යොමු කළ යුතු මට්ටමක පවතී යැයි අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ඊට වැඩිවේලාවක් නිරාවරණයවීම සහ ක්‍රියාකාරකම්වල නියුතුවීම තුළින් තෙහෙට්ටු තත්ත්වයක් ඇති විය හැකිය.

තවදුරටත් විජලනය සහ ලවණ ඉවත්වීම නිසා ඇති වන මස්පිඩු පෙරලීම් සිදුවිය හැකි බවද අනතුරු අඟවයි.

ඒබැවින් ඍජු සූර්යාලෝකයට නිරාවරණය වන ස්ථාන වල ගැවසීම හැකිතාක් අවම කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී. අද දින වැඩිපුර ජලය පානය කිරීම වඩාත් හිතකර වනු ඇති බව වෛද්‍ය මතයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here