අද උතුරේ හර්තාල්

0
421

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමින් අද(13) උතුරු පළාතේ හර්තාල් ව්‍යාපාරයක් සංවිධානය කර තිබේ.

උතුරේ දෙමළ දේශපාලන පක්ෂ ඇතුළු සිවිල් සංවිධාන එක්ව එය ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

මේ සඳහා දෙමළ ජාතික සන්ධානය මෙන්ම උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් දෙමළ මහජන සභාවේද සහයෝගය ලැබී තිබේ.

හෙට(14) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උතුරේ සංචාරයක නිරත වීමට නියමිතව ඇති බැවින් දෙමළ දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් වන ගැටලු පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවීම මෙම හර්තාල් ව්‍යාපාරයේ අරමුණ වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here