අද එන්න එපා! – විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව

0
850

විශ්‍රාම වැටුප් සක්‍රීය කිරීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා විශ්‍රාමිකයන් කැඳවීම සහ විවිධ ගැටලු සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණෙන සියලුම විශ්‍රාමකයන්ගේ පැමිණීම අද (10) සිට නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබේ.

රට තුළ උද්ගත වී ඇති කොවිඩ් -19 හදිසි තත්ත්වය හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ. ජගත් ඩී. ඩයස් මහතා නිවේදනය කරයි.

එබැවින් නැවත දැනුම් දෙනතුරු කිසිදු විශ්‍රාමිකයෙකු විශ්‍රාම වැටුප් දෙපාර්මේන්තු පරිශ්‍රය තුළට නොපැමිණෙන ලෙස විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙතින් ලබාගත යුතු සේවාවන් ඇත්නම් එය 1970 ක්ෂණික දුරකථන අංකය අමතා ලබා ගන්නා ලෙස විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here