අද ඔක්කොම විහිළුවක් වෙලා. මේක මේ සෙල්ලම් ආණ්ඩුවක් ! – මුරුත්තෙට්ටුවේ හිමි

0
561

වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය තුළ සියල්ල විහිළුවක් බවට පෙරළී ඇති බවත් තමන්ට පෙනෙන්නේ මෙය සෙල්ලම් ආණ්ඩුවක් වශයෙන් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුව බිහිකිරීම උදෙසා පුරෝගාමී මෙහෙවරක් කළ භික්ෂුන් වහන්සේ නමක් වන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි. “මම නම් හිතනවා මේක මේ සෙල්ලම් ආණ්ඩුවක් කියලායි මට නම් පෙනෙන්නේ. සෙල්ලම් ආණ්ඩුවක් මේක. විහිළු තමයි අද ඔක්කොම වෙලා තියෙන්නෙ.” උන්වහන්සේ පැවසීය.

මේ අඩුපාඩු පෙන්නා දෙමු, පෙන්නා දීලාත් ඔවුන් මේවා ඇහුවෙ නැත්නම් ඉදිරි ක්‍රියාමාර්ගය ගන්න අපි පෙරමුණ ගන්න ලෑස්තියි. රාජ්‍ය සේවා කොමිෂන් සභාවටත් ස්වාධීනව වැඩ කරන්න බැරිබව අපි දන්නවා. පොලිසිය ස්වාධීන ආයතනයක් බවට පත් වෙන්නට ඕනෙ, ඒකට පොලිස් කොමිෂන් එකක් පත්කරලා තිබෙනවා. නමුත් මේවාටත් දේශපාලනඥයො ඇඟිලි ගගහා ඔවුන්ගේ ඕනෑ එපාකම් ඉටුකරගන්නවා නම් මේ රටේ මිනිස්සු අනාගතයේදී කිසිම දෙයක් පිළිබඳව විශ්වාසයක් තියන්නෙ නෑ කියන එක නම් අද අපට පැහැදිලියි. 

රට නීතියෙන් වහලා තිබෙනවා. ක්‍රියාත්මක වෙද්දී රට ඇරලායි තිබෙන්නෙ. අද මිනිස්සු නීතිගරුක වෙන්නෙත් නෑ, පීළිපදින්නෙත් නෑ. හේතුව, මම නම් හිතනවා මේක මේ සෙල්ලම් ආණ්ඩුවක් කියලායි මට නම් පෙනෙන්නේ. සෙල්ලම් ආණ්ඩුවක් මේක. විහිළු තමයි අද ඔක්කොම වෙලා තියෙන්නෙ. චක්‍රලේඛ නිකුත් කරනවා, පනත් නිකුත් කරනවා, ආයෙ ඒවා පස්සට ගන්නවා, මේක මේ සෙල්ලම් ආණ්ඩුවක්ද කියලා අහන්නෙ ඒකයි” 

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මේ බව පැවසුවේ ඊයේ (18) නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී මාධ්‍ය අමතමිනි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here