අද කාලගුණය

0
340

ඉදිරි පැය 24 සඳහා වන තද සුළං සහ රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ කන්කසන්තුරේ සිට මන්නාරම, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 ත් 70 ත් දක්වා වැඩිවිය හැකි බවයි. නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය හෙට දිනයෙන් පසු ක්‍රමයෙන් අඩුවනු ඇති බවයි කාලගුණ විද්‍යා දොපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශිරෝමණි ජයවර්ධන සඳහන් කළේ.

පවතින වැසි සහ තද සුළං හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකින් ආපදා තත්ත්වයන් වාර්තා වනවා. තද සුළං හේතුවෙන් ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කයේ නිවාස 30 කට පමණ හානි සිදුව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here