අද කාලගුණය – ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි
17.11.2021

0
346

අද (17) දිනයේ උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here