Sunday, January 12, 2025

අද කාලගුණය

මේ දිනවල දිවයින හරහා ඊසාන දිග මෝසම ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනට දකුණු දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින අතර මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ දකුණු අර්ධයේ අහස වලාකුලින් බරව පවතිනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

නැගෙනහිර,මධ්‍යම සහ ඌව පළාත්වලත් මාතලේ , හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි අතර මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසිද ඇතිවීමේ හැකියාව ද පවතින බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ. උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles