අද කාලගුණය

0
282

දිවයින හරහා ඊසානදිග මෝසම ස්ථාපිත වී ඇති බවත් දිවයිනට දකුණු දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වයක් වර්ධනය වෙමින් පවතන බවත් කාලගුණ විද්‍යා ‍දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනට දකුණු දෙසින් පහළ වායුගෝලයේ කැලඹිලි තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින බවය.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ දකුණු අර්ධයේ අහස වළාකුලින් බරව පවතී.

අද 15 දිනයෙදී නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් මාතර, හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට මිලිමීටර් 50 ට වැඩි වැසි ඇති විය හැකි බව අද දිනට අදාළ කාලගුණ වාර්තාවෙි දැක්වෙි.

උතුරුපළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසිද ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

මූලාශ්‍රය කාලගුණ විද්‍යා ‍දෙපාර්තමේන්තුව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here