අද කාලගුණය

0
309

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පැවති පහළ වායුගෝලීය කැළඹිලි තත්ත්වය,අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනයවී ඇති අතර මේ වන විට එය දිවයිනට ගිනිකොණ දිශාවෙන් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ දකුණු අර්ධයේ අහස වලාකුලින් බරව පවතින බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇතිවන බවත් උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සබරගමුව පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here