අද කාලගුණය

0
282

දිවයිනට ගිනිකොණ දෙසින් පැවති අඩු පීඩන කලාපය මේ වනවිට දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එය ඉදිරි පැය 24 තුළ දී තවදුරටත් දිවයිනෙන් බැහැරව නැගෙනහිර දෙසට ගමන් කරනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදන කරන්නේ.
උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල අද (17) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

උතුරු, උතුරු මැද සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බව දැනුම් දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here