අද ජාතික විරෝධතා දිනයක්

0
285

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති එක්ව අද (09) දිනය ජාතික විරෝධතා දිනයක් ලෙස නම්කර තිබෙනවා.

එම වෘත්තිය සමිති පවසන්නේ ඒ අනුව දිවයිනේ ප්‍රදේශ රැසක අද (09) දිනයේදි විරෝධතා ව්‍යාපාර සංවිධාන කර ඇති බවයි.

රාජ්‍ය හා පෞද්ගලික සේවකයන්ගේ වැටුප ඉදිරි අයවැයෙන් රුපියල් දස දහසකින් වැඩි කිරීම, ගුරු වැටුප් විෂමතා අර්බුදයට විසදුම් දීම, ජාතික සම්පත් විදේශයන්ට විකිණීම නැවැත්වීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනුයි අද (09) දිනය මෙලෙස ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here