අද පා ගමන නිට්ටඹුවේ සිට කිරිබත්ගොඩට

0
545

ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජන සටන පාද යාත්‍රාවේ සිව්වන දිනය අදයි.

අද(31) පාගමන නිට්ටඹුව නගරයේ සිට කිරිබත්ගොඩ නගරය දක්වා පැමිණීමට නියමිතය.

ඊයේ(30) දිනයේ නෙළුම්දෙණියේ සිට නිට්ටඹුව දක්වා පාගමන පැවැත්වුණි.

පාගමන හෙට(01) දිනයේ කිරිබත්ගොඩ සිට කොළඹ බලා පැමිණීමට සැළසුම් කර තිබේ.

කොළඹ දී ජන රැළියක් පැවැත්වීමට නියමිත අතර එය පවත්වන ස්ථානය පිළිබඳ මේ වන විට ගැටළුවක් මතුව ඇති බව වාර්තා වෙයි.

ඒ සඳහා වෙන්කර ඇති හයිඩ් පිටිය නඩත්තු කටයුත්තක් සිදුකරන බැවින්  එය ලබාදිය නොහැකි බව නිලධාරීන් ප්‍රකාශ කර තිබීම ඊට හේතුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here