කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරිමේ රජයේ තීරණයට එරෙහිව ක්ෂේත්‍ර කිහිපයක වෘත්තීය සමිති අද කොළඹ කේන්ද්‍ර කරගනිමින් විරෝධතා මාලාවක් ආරම්භ කර තිබිණ.
එමෙන්ම අද (03) විදුලි සේවක විරෝධතාවයට සහය දක්වමින් ලංකා ඛණිජ තෙල් සංස්ථා සේවකයන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉදිරිපිටදී සහ කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණය ඉදිරිපිටදී අද දහවල් විරෝධතාවයේ නිරත වේ.
විදුලි සේවක විරෝධතාවයට සහය දක්වමින් ලංකා ඛනිජ තෙල් සංස්ථා සේවකයන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉදිරිපිටදී සහ කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණය ඉදිරිපිටදී අද දහවල් විරෝධතාවයේ නිරත විය. ඒ හේතුවෙන් ඉන්ධන බෙදාහැරීමේ කටයුතු වල යම් ප්‍රමාදයක් සිදු විය හැකි බව ලංකා ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුව පවසා සිටියි.