අද (20) දිනයේ පළමු වටයේ කොරෝනා ආසාදිතයන් 836 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
මේ අතර ඊයේ (19) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 93 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කරයි.
මිය ගිය අය අතරට වයස අවුරුදු 30ට අඩු එක් පුද්ගලයෙක් , වයස අවුරුදු 30 – 59 අතර පුද්ගලයින් 24 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 68 දෙනෙකු අයත්.
ඒ සමඟින් මෙරට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 12,218 ක් දක්වා ඉහළ ගොස් තිබේ.